ගොඩක් අය jobs වලට apply කරාට interviews වලට කතා කරන්නේ නැත්තේ ඇයි කියලා හිතනවා නේද? ඒකට ලොකුම හේතුවක් තමයි මේ ATS කියන එක. අද අපි බලමු ATS කියන්නේ මොකක්ද සහ ඒකෙන් කොහොමද ඔයාගේ CV එක check කරන්නේ කියලා.
ATS එහෙමත් නැත්නම් Applicant Tracking System කියන්නේ අද කාලේ ගොඩක් companies වල HR managers ලා පාවිච්චි කරන software එකක්. ඉස්සර වගේ නෙමේ, දැන් job vacancy එකක් දැම්මහම CV දහස් ගාණක් එනවා. මේ හැම CV එකක්ම එකින් එක කියවලා බලන්න HR manager කෙනෙක්ට වෙලාවක් නැහැ. අන්න ඒ වෙලාවට තමයි එයාලට මේ ATS එක උදව් වෙන්නේ.
ඔයා job එකකට apply කරද්දී, ඔයාගේ CV එක මුලින්ම යන්නේ මනුස්සයෙක්ගේ අතට නෙමේ, කෙලින්ම යන්නේ මේ ATS software එකට. මේ system එකෙන් කරන්නේ ඔයාගේ CV එක scan කරලා ඒකේ තියෙන text එක කියවන එක. ඊටපස්සේ ඒ Job Description එකේ තියෙන requirements වලට ඔයාගේ CV එක match වෙනවද කියලා මේ software එකෙන් check කරනවා.
මෙතනදී ගොඩක්ම වැදගත් වෙන්නේ keywords. Job Description එකේ තියෙන skills, education qualifications, වගේ දේවල් ඔයාගේ CV එකේ තියෙනවද කියලා ATS එක හොයලා බලනවා. ඒ වගේම ඔයාගේ CV එකේ format එකත් ගොඩක් වැදගත්. ATS එකට කියවන්න බැරි විදිහේ ලස්සන graphics, tables, charts වගේ දේවල් දැම්මොත්, system එකට ඔයාගේ details තේරුම් ගන්න බැරි වෙනවා. අන්න ඒ වගේ වෙලාවට ඔයා කොච්චර qualified කෙනෙක් වුනත් ඔයාගේ CV එක auto-reject වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි.
කෙටියෙන්ම කිව්වොත්, ATS එකක් කියන්නේ ඔයාගේ CV එකයි HR manager ගෙයි අතරේ ඉන්න ගේට්ටුකාරයා වගේ කෙනෙක්. මේ ගේට්ටුවෙන් pass වෙලා HR manager ගේ අතට ඔයාගේ CV එක යවන්න නම්, අනිවාර්යයෙන්ම ඔයාගේ CV එක ATS friendly වෙන්නම ඕනේ.
ඔයාට නොමිලේම ATS friendly CV එකක් හදාගන්න ඕනේ නම් මේ website එකට යන්න: https://careerstudio.app/
ඔයාට handmade professional CV එකක් හදාගන්න ඕනේ නම්, එහෙමත් නැත්නම් ඔයාට මගෙන් මොනවා හරි advice එකක් ඕනේ නම් WhatsApp message එකක් දාන්න: 077 390 2230
~ Chanuka Jeewantha ( Career Development Specialist )
Comments (0)
No comments yet. Be the first to comment!